Wednesday, February 22, 2012

අලුතින් ආපු පොත් සෙට්

වැම්පයර් විසින් පහු ගිය දවසක පොත් ලිස්ට් එකක් ගැන කියල තිබුණ. කලා කෘති ගැන තමයි මේ කතාව. ඔය කට්ටිය මේ පොත් කියවල තියෙනවද බලන්න? කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං.
වැම්පයර් කාරයා අලුතින් පොතක් ලියලා තිබුනා චුල්ල වට්ටි ජාතකය කියලා. මේ ජාතකේ ප්‍රධාන චරිතෙ චුක පුට්ටි කුමාරිය. මේ කුමාරිට ගේම දෙන්න එන කිං තම්බි කියන අරාබි කාරි ගැන ලස්සන කතාවක් තියෙනවා. අන්තිමට කුමාරි බේර ගන්නේ පට්ටියේ මුක දාන සිටු තුමා.
කට්ටිය බලල තියෙනවද සෙල්ල වලවේ ගෙ පාකි නකින් බෙල තේරේ කියන චිත්‍රපටිය? ඕක හදල තියෙන්නෙ වනවාකම් කල්ල වඩන් කියන නව කතාවෙන්නෙ.
ඒ වගෙම ගීත රචනා තියෙන සිරි කැන්දූ පොතත් කට්ටිය බලල ඇති. කුරුළෑ වලට හොඳ අත් බේතක් වෙච්ච කැලැල් බරි හරි කැස්ලිම් මුරි යොදා ගැනීමේ වෙද පොතකුත් තියෙනව. ඔය අතරම වීර චාරිකා ගැන ලියපු වට ඇල්ල සමග, වනයක් සමග තරුවක් පොත් දෙකත් අගෙයි. බෙල්ලේ හැදෙන වණ ගැනත් ලියවිච්ච පොතක් මේ අතර තියෙනවා.
අපි ඉතින් මේ පොත් ගැන කියන්නේ පඩිය තකා වත්, පට්ටම් තකා වත් නෙවෙයි. අපි විනය තකා ගෙන වැඩ කරන නිසා. අපිට වැස්සෙන් පලක් නැතිවා වගේම, පායන කොට ගුණ නැති වෙන්නෙත් නෑ.

ජංගම දුරකතනයේ ආරක්ෂාව


ඔක්කොටොම මගේ ගානේ ඩ්‍රින්ක්ස්...

බාර් එකකට පැමිණි, හොඳට ම වෙරි වූ පුද්ගලයෙක් "ඔක්කොටොම මගේ ගානේ ඩ්‍රින්ක්ස්... ඔයාටත් එක්ක" යැයි බාර්මන්ට කීවේය.

එම පුද්ගලයාගේ ඇණවුමට අනුව ක්‍රියා කළ බාර්මන් "ගාන රුපියල් 5800 යි" කීවේය.


තමන් ළඟ මුදල් නැතැයි පුද්ගලයා කීවේය. කනේ පහර කිහිපයක් ගැසූ බාර්මන් එම පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා ඔහු දොට්ට දැමුවේය.


ඊළඟ රාත්‍රියේ ඒ බේබද්දා ම යළි එම බාර් එකට පැමිණ බාර්මන් ද ඇතුළුව එහි සිටි සියලු දෙනාටම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය. පෙර දින පරිද්දෙන් ම බාර්මන් එම පුද්ගලයාගේ උපදෙස් පරිදි ක්‍රියා කළේය.


ඉන්පසු බිලේ ගණන කී විට, තමන් ළඟ මුදල් නැතැයි එම පුද්ගලයා කීවේය. ඔහුගේ කන පැලෙන්න පහරක් දුන් බාර්මන් අනතුරුව එල්ල කළ පයින් පහරෙන් බීමත් පුද්ගලයා බාර් එකෙන් පිටතට වීසි විය.


තෙවැනි දින රාත්‍රියේද මේ පුද්ගලයා වෙරි මතින් අවන්හලට පැමිණියේය. බාර්මන් හැරෙන්නට අනෙක් සියලු දෙනාට ම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය.


"මොනවා, මට ඩ්‍රින්ක් එකක් නැද්ද?" බාර්මන් ඇසුවේය.


"අපෝ නැහැ! බිව්වාම ඔයා හරි දරුණු වෙනවා" යැයි පුද්ගලයා පිළිතුරු දුන්නේය.